ක්‍රිකට් ක්‍රීඩකයින් කිලෝමීටර් 02 දිව්ව හැටි (VIDEO)

February 13, 2021 at 1:02 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයින් 31ක් දෙනෙකු ඊයේ දිනයේදී විශේෂ ශාරීරික පුහුණුවකට යොමු වුවා. ඒ කිලෝමීටර් දෙකක දුරක් මිනිත්තු 08 යි තත්ත්පර 35ක් තුල දිවිමටයි.

මෙහිදී ක්‍රීඩකයින් සිව්දෙනෙකු හට එම පරිසාදන මට්ටමට ලඟා වීමට හැකියාව නොලැබූ අතර සෙසු පිරිස ඉන් සමත් වුවා.

අසමත් වූ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරාට ඉදිරියේ දී තවත් අවස්ථාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිලෝමීටර් 02ක් දුර දිවූ අයුරු දැක්වෙන වීඩියෝවයි :