සිසුවාට දුන් දඬුවමට ගුරුවරයාට අධිකරණයෙන් ලද දඬුවම

February 12, 2021 at 4:31 PM

2017 වර්ෂයේදී මාතර ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙකු ගේ කනට එම විදුහලේ ගුරුවරයෙකු විසින් සිදු කළ පහරදීමෙන් වූ මූලික අයිතිවාසිකම් කඩවීමට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් එම සිසුවාට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද රජයට නියෝග කළා.

ඊට අමතරව එම පහරදීම සිදු කළ ගුරුවරයාට රුපියල් ලක්ෂ එක හමාරක වන්දි මුදලක් ද අදාළ සිසුවාට ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබූ අතර ඒ සඳහා ඔහු මාස 06 ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබුවා.

සිසුවාගේ කන හරහා එල්ල කර ඇති පහර හේතුවෙන් ඔහුට ජිවිත කාලය පුරාවට ස්ථීර අඩු ශ්‍රවණාබාධ සහිතව ජීවත්වීමට සිදුවන බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ කරන බවයි මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් නිකුත් කර තිබෙන අතර එම තීන්දුවට සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන සිසිර ද ආබෲ මහතා සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය එකඟතාවය පළකර සිටිනවා.