බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 534ක්

February 12, 2021 at 10:28 AM

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 942 දෙනා ගෙන් 273 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් 31ක් දෙනෙකු කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව කොළඹ ප්‍රදේශයෙන් 21ක්, එගොඩඋයන ප්‍රදේශයෙන් ආසාදිතයින් 26 දෙනෙකු, බොරැල්ල 23ක්, මහරගම 20ක්, මට්ටක්කුලිය 19ක්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181ක් දෙනෙකු වාර්තා වී ඇත. මීරිගම ප්‍රදේශයෙන් 31ක්, ගම්පහ 18ක්, ජා-ඇල 16ක්, දොම්පේ 15ක්, දිවුලපිටිය සහ බියගම ප්‍රදේශ වලින් ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇත.

මිට අමතරව ආසාදිතයින් 102 දෙනෙකු ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ගම්පොල ප්‍රදේශයෙන් 22ක්, මහනුවර ප්‍රදේශයෙන් 18ක්, අලවතුගොඩ සහ උඩුදුම්බර ප්‍රදේශ වලින් ආසාදිතයින් 08 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80ක්, කුරුණෑගල 79ක්, ගාල්ල 23ක්, රත්නපුර 19ක්, අම්පාර 15ක්, මාතර 84ක්, කෑගල්ල 04ක්, බදුල්ල 08ක්, පුත්තලම 06ක්, මාතලේ 19ක්, මඩකලපුව 05ක්, අනුරාධපුර 01ක්, හම්බන්තොට 05ක්, අනුරාධපුර 01ක්, හම්බන්තොට 05ක්, පොලොන්නරුව 03ක්, වව්නියාව 02ක්,ත්‍රිකුණාමලය 15ක්, යාපනය 02ක්, මොණරාගල, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 04ක්, කිලිනොච්චිය 01ක් වාර්තා වී ඇත. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ආසාදිතයින් තිදෙනකු වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 19,687ක් සිදුකර තිබෙන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියා.