පාසැල් සිසුවියකගේ සිරුරක් ඉහළ කොත්මලේ ජලාශයෙන් හමුවෙයි (PHOTOS)

February 12, 2021 at 10:07 AM

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුරක් අද උදෑසන ජලාශයේ තිබි අද උදෑසන ගොඩට ගත් බව තලවකැලේ පොලිසිය සඳහන් කර සිටිනවා.

මෙසේ ගොඩගෙන ඇත්තේ තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සියදිවි නසා ගන්නට ඇති බවට සැකකෙරෙන මෙම පාසල් සිසුවිය තලවකැලේ ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් ද වනවා. අද දින උදැසන 6.30 ට පමණ නිවසින් පිට වු කියන මෙම පාසල් සිසුවිය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පනින අයුරු ප්‍රදේශවාසින් විසින් දැක ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සඳහන් කළේ.

මව සමග ඇති වු සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ ජලාශයට පනින්නට ඇති බවත් ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පවසනවා.

( මුලාශ්‍ර : නෙත් නිවුස් වෙබ් අඩවියෙන්)