ක්‍රිකට් ක්‍රීඩකයින් කිලෝමීටර් දෙකක් මිනිත්තු 08 කින් දුවයි(PHOTOS)

February 12, 2021 at 7:02 PM

මූලික සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියා. එම පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව ඇත්තේ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම පරීක්ෂණය පැවැත්වුණා.

මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් හිමි වුණා.

ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සියලූ දෙනා එම පරිසාධන මට්ටම සමත් වී තිබෙනවා.

ක්‍රීඩකයින් 31 දෙනෙකු ඊට එක් වූ අතර ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් වූයේ නැහැ.

කුසල් මෙන්ඩිස් ද අද එක් නොවූයේ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වීම හේතුවෙන්. කොරෝනා ආසාදනය වූ ලහිරු තිරිමාන්නද මෙම ශාරිරික යෝග්‍යාතා පරීක්ෂණයට එක් වී නැහැ.