ඇකිරිය ප්‍රදේශයට සුළු භූචලනයක්

February 12, 2021 at 9:44 AM

මඩොල්සිම, ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබෙනවා. අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ණෂ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ.

එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කලේ.

පසුගිය කාලයේ අවස්ථා දෙකකදී ද මෙම ප්‍රදේශයේ සුළු භූචලන සිදුවීම් වාර්තා වුවා.