මන්ත්‍රී රන්ජන් ගැන අභියාචනාධිකරණ තීරණය දීර්ඝ කෙරේ

February 11, 2021 at 11:03 AM

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබේ.

ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් හෙට (12) දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය ප්සුගිය 5 වනදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළේ ය.

මේ අතර කතානායකවරයා ඊයේ සභාවට දැනුම්දුන්නේ, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට නොකැඳවන බවටයි.