ආසාදිතයින් 900 ඉක්මවූ දෙවෙනි දිනය. ජාඇල, මට්ටක්කුලිය ,අලව්ව,නුවර, දොඩංගොඩ ප්‍රදේශ වල වැඩි ආසාදිතයින් ! ආසාදිතයින් වැඩිවීමට හේතුව සෞඛ්‍ය අංශ හෙළිකරයි.

February 11, 2021 at 7:36 AM

සමස්ත ආසාදිතයින් 900ඉක්මවූ දෙවන දිනය වූ ඊයේ ආසාදිතයින් 963ක් වාර්තා වූ අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 298ක් වාර්තා විය.

ගම්පහින්  255කි.

කළුතරින් 81කි.

මහනුවර 71,ක් හා කුරුණෑගල 72ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

වැඩි ආසාදිතයින් හමුවූ ප්‍රදේශ වන්නේ කොළ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ,බොරැල්ල,ගොතටුව,අවිස්සාවේල්ල ,වැල්ලම්පිටිය හා හෝමාගමයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ ආසාදිතයින් 76ක් වාර්තා වූ අතර මීගමුව,ගම්පහ ප්‍රදේශ වලින් ද වැඩි ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ මහනුවර දිස්ත්‍රික්කයේ නුවර සහ ගම්පොල ප්‍රදේශ ද ආසාදිතයින් ඉහල ගිය ප්‍රදේශ වේ.

මෙලෙස ආසාදිතයින් ඉහළ ගොස් ඇත්තේ පසුගිය දිනවල PCR වාර්තා ලැබීමට අදාලව රසායනාගාරවල පැවැති ප්‍රමාදයකින් පසු එම වාර්තා ලැබීම යලි ආරම්භ වූ බැවින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

ගොඩගැසී තිබූ වාර්තා මෙලෙසකඩිනමින් නිකුත් කිරීම නිසා මෙලෙස වැඩි ආසාදිතයින් සංඛ්‍යාව ක් දින කිහිපයක් වාර්තා විය හැකි නමුත් PCR සහ ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය ඉහල යාමක් දක්නට නැතැයි ද ඔහු පැවසීය.