මෙරටතවත් අපරාධ චූදිතයෙක් ඉන්දියාවේදී අල්ලයි.

February 11, 2021 at 7:13 AM

පිලියන්දල ප්‍රදේශයේ  2017 වසරේ මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ සහ තවත් පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ සිද්ධියට අදාල සෑකකරුවෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන ඇත.

මොහු පොලිස් ඔත්තු කරුවෙකු ලෙස පෙනී සිටි මොහොමඩ් නවාස් නමැත්තෙකි.

පිලියන්දල වැටලීම ගැන පොලීසිය ට ඔත්තුවක් ලබා දී ඒගැන වැටලීමට පොලීසිය පිලියන්දල ටඑන බව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දන්වා ඇතිබවට ඔහුට චෝදනා එල්ල විය.

සිද්ධිය ට දින හතරකට පසු ඉන්දියාවට පලා ගිය ඔහු එහිදී අත් අඩංගුවට ගෙන ඇති බව එරට ඉන්ටර්පොල් ආයතනය මෙරටට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ එරට මත්ද්‍රව්‍ය වරදකට අදාළවයි.

ඔහු කඩිනමි මෙරටට ගෙන්වා ගැනීමටත් නියමිතයි.

පිලියන්ද ල මත් ජාවාරම වැටලීමේ එම සිද්ධිය සම්බන්ධ වෙඩි තැබීමෙන් කුඩා දරුවෙන් ඇතුලු පිරිසකුත් තුවාල ලැබූ අතර එම ප්‍රහාරය මාකඳුරේ මධූෂ් විසින් මෙහෙයවූ බව ද වාර්තා විය.