රටේ කොවිඩ් මරණ අනුපාතය වැඩිවෙලා : ජනගහණයෙන් මිලියනයකට මරණ 17ක් – GMOA කියයි

February 11, 2021 at 1:21 PM

රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පසුගිය සති දෙක ඇතුළත මෙරට ජනගහනයෙන් මිලියනයකට 17 ක් දක්වා මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් සඳහන් කර සිටියා.

ඊයේ දිනය වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 375ක්.

“මාසයකට කලින් ගත්තහම අපිට හිටියේ, ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 2,882යි. සති දෙකක් ඇතුළත මේක ජනගහනයෙන් මිලියනයට 3221 දක්වා වැඩිවෙලා තියෙනවා. ඊළඟට සති දෙකකට කලින් අපේ මරණ අනුපාතය තිබුණේ මිලියනයක් ජනගහනයට මරණ 8 – 9ක් වගේ. සති දෙක ඇතුළත මේක දෙගුණ වෙලා තියෙනවා. දැන් මිලියනයකට 17ක් දක්වා මරණ ප්‍රමාණය වැඩිවෙලා. රෝගීන් වැඩිවෙන වේගයට වඩා වැඩ ශීඝ්‍රතාවයකින් මරණ අනුපාතය අපේ රටේ ඇති වෙලා තියෙනවා. සමහර සෞඛ්‍ය අංශ වෙතින් මම දැක්කා ප්‍රකාශ කරනවා බොහෝම ස්ථාවර මට්ටමක මේක තියෙන්නේ වැඩිවීමක් නෑ කියලා. සංඛ්‍යාලේඛන සහිතව අපි කියනවා අවධානමේ වැඩිවීමක් සිද්ධවෙමින් තිබෙනවා. ඔය කියන විදියට ස්ථාවරයක මට්ටමක නම් තියෙන්නේ පීසීආර් රේට් එක වෙනස් වෙන්න ඕනේ නෑ. ජනවාරි මුල සියයට 3යි තිබුණේ. අද වෙනකොට ඒක සියයට 7ක් වෙලා. ඒ කියන්නේ දෙගුණයකින් පීසීආර් රේට් එක වැඩිවෙලා මාසයක් ඇතුළත. රෝගීන් වැඩිවෙලා.ඒක කාගේවත් වරදක් කියලා අපි කියන්නේ නැහැ. මේ වන විට ගෝලීය කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවෙමි පවතිනවා. නමුත් අපේ රටේ තත්ත්වය අඩුවෙන්න මැයි මාසය අවසානය දක්වා කාලය වෙයි “ මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටියා.