සෑම කොරෝනා ආසාදිතයෙකු ගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවධානමක් – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

February 11, 2021 at 10:11 AM

මෙරට පවතින කොරෝනා තත්ත්වය සැලකීමේදී සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර ඇති බවත් එය කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් නොවන බව ප්‍රකාශ කර සිටියා.

සෑම කොරෝනා රෝගියෙකුටම වෙන් වූ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු තවදුරටත් විධිමත්ව සිදු කෙරෙන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහා කර සිටියා.