රවී ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපති ඉල්ලයි

February 11, 2021 at 5:01 PM

රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ තවත් 8 දෙනෙකුට චෝදනා එල්ල වූ 2016 මාර්තු බැඳුම්කර වංචා නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මේ අතර, දෙවන මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 51ට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ දසදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කෙරුණා.