පණු කරඳ හෙවත් කෘඩියා සෙලනිකා ශාක ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

February 11, 2021 at 6:33 PM
පණු කරඳ හෙවත් (Crudia Zeylanica) ශාකය ශ්‍රි ලංකාවට පමණක් ඇති රනිල කුලයට අයත් ශාකයකි
මෙම ශාකය විනාශ වී ඇති බව සිතා සිටිය ද ගම්පහ ප්‍රදේශයෙන් ශාක කිහිපයක් හඳුනාගෙන ඇති බව වනජීවි හා වන රක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි
එම අමාත්‍යාංශය ප්‍රකාශ කරනුයේ මෙම ශාකය ලංකාවේ විවිධ ප්‍රදේශ වල පවතින බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවයි
ඔබ සිටින ප්‍රදේශයේ මෙම ශාකය පවතී නම් ඒ පිළිබඳ දන්වන ලෙස වන ජීවි හා වන රක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි
 ඒ අනුව පහත සඳහන් දුරකථන අංක ,ෆැක්ස් අංක හෝ ඊමේල් මඟින් මහජනතාවට තොරතුරු ලබා දිය හැකිය
දුරකථන අංකය – 0113671490
ෆැක්ස් – 0112879051
ඊ. මේල් – info@msdw.gov.lk