දේශපාලන පක්ෂ 12ක නායකයින් ඇමති විමල්ගේ නිවසට (VIDEO)

February 11, 2021 at 4:36 PM

වත්මන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 12 ක නායකයින් මේ වන විට අමාත්‍ය විමල් විරවංශ ගේ කොළඹ පිහිටි නිවසේ විශේෂ රැස්වීමක් සඳහා එක්වී තිබෙනවා.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු මෙම දේශපාලන නියෝජිතයින් එලෙස අමාත්‍ය විමල් විරවංශ ගේ නිවසට පැමිණ සිටියි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට මෙම හමුව කැඳවා ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බලයට ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කැපවීමක් කළ අමාත්‍ය විමල් විරවංශට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් කාලගුණ නොදත් අයවලුන් බවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මතක් කර දීමට රටේ ගරුතර සංඝරත්නය ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට සිරස නමා ආචාර කරන බවද ප්‍රකාශ කර සිටියා.

වීඩියෝ :

https://www.facebook.com/NewsfirstSL/videos/840525799858376/