කොවිඩ් මළ සිරුරූ භූමදානය ගැන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට කියූ දේ

February 11, 2021 at 11:55 AM

කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.