“අඩුම තරමින් අල්ලපු ගෙදර එකා මරාගෙන කෑවත් ඇහැක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්නයි…” – ජයලාල් රෝහණ ශුරීන්ගේ අවසන් කතාව (VIDEO)

February 11, 2021 at 11:12 PM

“ලෝකල් මතක තියා ගන්නවා මේක දකුණු අප්‍රිකාව නෙමෙයි… මේක ශ්‍රී ලංකාව. මේ රටේ මිනිස්සු හරිම සදාචාර සම්පන්නයි.. හරිම ආචාරශිලියි. අඩුම තරමින් අල්ලපු ගෙදර එකා මරාගෙන කෑවත් ඇහැක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්නයි…” ඌව – වෙල්ලස්සේ උක් ව්‍යාපාරය ඇතිවීමත් සමග ඇතිවූ සමාජ වෙනස ගැන කපිල කුමාර කාලිංග විසින් රචනා කළ උක් දඬු ගින්න නම් නාට්‍යයේ එන මෙම කොටස කියන කොට මම වේදිකාවේ කොනක ඉදන් ප්‍රේක්ෂකාගාරය දිහා බලන් ඉන්නවා… ඒ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ජනතාව ඒකට දක්වන ප්‍රතිචාරය කොයි වගේද කියා බලා ගන්න… අද දින අප අතරින් සමුගත් ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මාධ්‍ය සමග සිදුකළ සිය අවසන් කතා බහේ එන කොටසකි මේ…

” පාරේ යනකොට මිනිසෙක් පාරේ වැටිලා ඉන්නවනම්, පර්ස් එකක් හොරකම් කළා නම් ඒ කාලේ මිනිස්සු ඉදිරිපත් වෙලා ඉක්මනටම ඒ පුද්ගලයාට උදව් කළා. ඒ 80 දශකය වන විට මේ රටේ සමාජයේ තිබුණු මනුස්සකම..

නමුත් අද වෙනකොට එහෙම නැහැ… දැලි පිහියකින් මිනිහෙක්ගේ බෙල්ල කපලා ගියත් අඩුම තරමින් ඒ ගැන බලන්නේ නැහැ. ඇහුවොත් කියන්නේ ඒක මගේ වැඩක් නෙමේ කියලා. ඇයි අපේ මිනිස්සු මේවගේ අධම තත්වයකට වැටුනේ…

අද ජංගම දුරකථනය.. ටැබ් එක අතේ තියාගෙන කොට කොට යන්නේ කෝච්චියේ ගියත්. බඩදරු අම්මා කෙනෙක් නැග්ගත් දරුවෙක් අතින් අරන් නගින මවක් වුනත් වාඩි වෙලා යන අයට අද පෙන්නේ නැහැ… අපේ සමාජය අද ඒ තරමටම පහත් තැනට වැටිලා. මොන තරම් දුකක් ද ?”

ඒ අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා පසුගිය ජනවාරි මස 22 වෙනිදා ආචාර්ය එන් එම් පෙරේරා ශාලාවේදී අවසන් වරට මාධ්‍ය සමග පැවැත්වූ කතාවෙ සංක්ෂිප්ත කොටසක් …

සම්පුර්ණ වැඩසටහන පහතින්…