අගමැති කිව්වේ කොරෝනා මෘතදේහ භූමදානය කරන්න ඉඩ දෙනවා කියා නොවේ – මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන කියයි (VIDEO)

February 11, 2021 at 8:04 PM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳව නොවන බව පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගිවූ කෝකිල ගුණවර්ධන මන්ත්‍රීවරිය ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් කියා සිටියේ අගමැතිවරයා කියා සිටියේ මරණ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බවයි. එම ප්‍රකාශය මගින් ගම්‍ය වුයේ කොවිඩ් මරණ භුමදානය කිරිමට ඉඩක් ලබා දෙන බවක් නොවන බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව කොවිඩ් මරණ භූමදානයට අවසර දීම පිළිබඳ ප්‍රසාදය පල කරන බව නිවේදනය කර තිබුණා.