මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 150ක් : බස්නාහිරෙන් කොවිඩ් ආසාදිතයින් 566ක්

February 10, 2021 at 12:10 PM

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 252 දෙනෙකු වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් බොරැල්ල ප්‍රදේශයෙන් 39ක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 20ක්, මට්ටක්කුලිය සහ කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 19 දෙනා බැගින්, වැල්ලවත්ත 18ක්, කොටහේන 16ක් යනුවෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 227 දෙනෙකු වාර්තා වී ඇත. මේ අතර මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 150ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක්, අම්පාර 17ක්, කෑගල්ල 10ක්, මාතර 21ක්, බදුල්ල 38ක්, කිලිනොච්චිය 11ක්, නුවරඑළිය 11ක් බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වූ දිස්ත්‍රික්ක ලෙස පුත්තලම, මඩකලපුව, පොලොන්නරුව, මොණරාගල, මුලතිව් යන දිස්ත්‍රික්ක ද, ආසාදිතයින් දෙදෙනෙකු ත්‍රිකුණාමලයෙන් ද, ආසාදිතයින් තිදෙනා බැගින් හම්බන්තොට සහ වව්නියාව දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.

මිට අමතරව විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 14,402ක් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.