නිවසේ නිදා සිටි පුද්ගලයාගේ ගෙල බැඳී රන් මාලය කොල්ල කයි (VIDEO)

February 10, 2021 at 7:42 PM

නිවසක නිදා සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගෙල බැඳි ලක්ෂ 5ක් පමණ වටිනා රන් මාලයක් සොරකම් කිරීමේ සිද්ධියක් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද අලුයම් කාලයේ දී හඳුනා නොගත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම පහරදීම සහ සොරකම සිදුකරන්නට ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා වෙළෙඳසැල් හිමියෙක් වන අතර, සිදුවීම වෙන අවස්ථාවේ ඔහුගේ දුව හා බිරිඳ නිවසේ සිට තිබෙනවා. නිවසට පැමිණි පිරිස සිදුකළ පහරදීමෙන් දියණිය ද සුළු තුවාල ලබා ඇත.

එම කණ්ඩායම නිවස තුළට ඇතුළුවීමට පෙර එහි ආරක්ෂක කැමරා පද්ධතියටද හානි සිදුකර ඇති අතර තුවාල ලැබු වෙළෙඳසැල් හිමි පුද්ගලයා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.