බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි 15 විවෘත නොකෙරේ

February 10, 2021 at 1:52 PM

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසැල් සංඛ්‍යාව 492ක් ඇති බවත් ඉන් 412ක් පෙබරවාරි මස 15 වෙනිදා සිට ආරම්භ කිරිමට කිසිදු ගැටළුවක් නොවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කළ බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් කමිටුව සඳහන් කර තිබුණා.