රංජන් ගේ පාර්ලිමේන්තු ගමන ගැන කථානායක දුන් තීන්දුව (VIDEO)

February 10, 2021 at 3:30 PM

අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව් වසරක බරපතල සිර දඬුවම් නියම කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක පාර්ලිමේන්තුව වෙත කැදවීමට හැකියාවක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් රංජන් රාමණායක මන්ත්‍රීවරයා හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගන්නා ලෙසට කථානායකවරයාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් කථානායකවරයා කියා සිටියේ රංජන් රාමණායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාදී ඇති බවත් එබැවින් ඔහුව පාර්ලිමේන්තුවට කැඳවීමට හැකියාවක් නොමැති බවයි.