ත්‍රිරෝද රථයක්, බවුසරයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුර (VIDEO)

February 10, 2021 at 3:17 PM

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම, සාලාව ප්‍රදේශයේ දී ඊයේ බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුවා.

ඊයේ සවස 6.05ට පමණ කොළඹ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයේ පෙරළී ගොස් බවුසරයේ ගැටිමෙන් ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් බරපතළ තුවාල ලැබු රියදුරු හා කුඩා දරුවෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටීයි. අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එම අනතුර සිදුවන අවස්ථාව අසල තිබු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණා,