කොවිඩ් එන්නත සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය එලි දැක්වේ

February 10, 2021 at 4:11 PM

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අද විවෘත කෙරුණා. http://www.statehealth.gov.lk යන වෙබ් අඩවිය මගින් කොවිඩ් -19 මර්ධන එන්නත ලබා ගැනීම් සඳහා ලියාපදිංචිය වීමේ හැකියාව මෙහි ලබාදී ඇත.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

මෙම වෙබ් අඩවිය රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා.

කොවිඩ් -19 එන්නත සඳහා ලියාපදිංචි වීම සඳහා මෙය ක්ලික් කරන්න