ජගත් මානව හිමිකම් කොමිසම සමග කටයුතු කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

February 9, 2021 at 1:51 PM

2018 වසරේ ඇමෙරිකාව ජගත් මානව හිමිකම් ක්වුන්සිලයෙන් ඉවත් වීමෙන් ඇතැම් අධිකාරීබලය සතු රටවල අපේක්ෂා ඉටුවීම විනා වෙනත් වෙනසක් සිදු නොවූ බව පෙන්වා දෙමින් එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නිවේදනයකලේ තමන් යලි ජගත් මානව හිමිකම් කවුන්සිලය සමග කටයුතු කිරීම අරඹන බවයි.

බයිඩ්න් ජනාධිපතිවරයා ගේ උපදෙස් ඒ වෙනුවෙන් ලද බව ඔහු නිවේදනය කළේය.

ඒ අනුව මීළඟ සැසිවාරයේ දී ඇමෙරිකාව නිරීක්ෂණ මට්ටමින් ඊට එක් වන අතර එහිදී අදහස් පළකිරීමේ අයිතිය සහ සාකච්ඡා වලට සහභාගී වීමේ අයිතිය ඔවුන්ට හිමිවෙයි.

ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වූ අතර ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  යෝජනා කිහිපයක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

මෙවරද ජගත් මානව හිමිකම් මහකොමසාරිස් වරිය මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් සිය වාර්තාවේ කරුණු දක්වා ඇති අතර ඒවෙනුවෙන් මැදිහත් වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවට ඉල්ලීමක් ද කර ඇත.

කෙසේ වෙතත් ලක් රජය එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බව පවසා තිබේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීලඟ සැසිවාරය මේ මස අගදී පැවැත්වේ.