වැලන්ටයින් සාද සම්බන්ධයෙන් පොලිසිය අවධානයෙන්

February 9, 2021 at 10:58 AM

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් පොකුරු හා අනුපොකුරු නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටින්නේ.

එමෙන්ම එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටියි.