ඉන්දීය ගොවි විරෝධයට සහය පළකර සිංහ කොඩිය අතින් ගත් දැරණියගල නාලක (VIDEO)

February 9, 2021 at 8:24 PM

ඉන්දියාවේ ක්‍රියාත්මක වන ගොවි විරෝධතාවය සම්බන්ධයෙන් මේ වන විට මුළු ලෝකය පුරා දැඩි අවධානයක් දිනා ගෙන තිබෙනවා. ඒ එම විරෝධතාවයට සහය පළකරමින් සුපිරි හොළිවුඩ් පොප් ගායිකා රිහානා, අමෙරිකාවේ උප ඡනාධිපතිනිය වන කමලා හැරිස් ගේ ලේලියවන මීනා හැරිස් ඇතුළු ලොව කීර්තිමත් පුද්ගලයන් රැසක්ද එම ගොවි සටනට සහය පළ කිරීමත් සමගයි.

අදානි ඇතුළු පෞද්ගලික සමාගම් කිහිපයකට වාසි වන අයුරින් ගොවි පනත් ගෙන ආ ඉන්දියානු රජයට එරෙහිව මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මක වන ගොවි විරෝධතාවයට සහය දැක්වීම සඳහා ශ්‍රී ලාංකිකයෙක්ද එක්ව සිටී.

ඉන්දියානු මාධ්‍ය පවා ඔහුගේ එම ක්‍රියාව වාර්තා කිරීම හේතුවෙන් එම ශ්‍රී ලාංකික තරුණයා සම්බන්ධයෙන් මේ වන වීට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

ඉන්දීය ගොවි අරගලයට සහය දැක්වීම සඳහා එලෙස එක්ව සිටින ශ්‍රී ලාංකිකයා දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නාලක නාරම්මලයි.

පසුගිය වසරේ ඉන්දියාවට යන නාලකට කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් ගමන් නැවතීමත් සමග වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ ගත කිරීමට සිදුව ඇත. ඒ අතරතුර ඇරඹි දැවැන්ත ගොවි උද්ඝෝෂණයට සහයදැක්වීමට ශ්‍රී ලාංකික ධජයද අතැතිව ඔහු එක්ව සිටිනවා.

ගොවි උද්ඝෝෂණයට ඔහු දක්වන සහයෝගය ඉන්දිය මාධ්‍ය විසින්ද වාර්තා කර තිබූ අතර නාලක සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේද ගොවි උද්ඝෝෂණය පිළිබඳ තොරතුරු ශ්‍රී ලාංකිකයන්ට වාර්තා කිරීමට කටයුතු කිරීම ඔස්සේ ඔහුගේ එම උත්සහය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

අදානි ඇතුළු පෞද්ගලික සමාගම් කිහිපයකට වාසි සහගත වන ලෙස ඉන්දියානු රජය විසින් සම්මත කරන ලද ගොවි පනත් තුනකට එරෙහිව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු ඉන්දියානු ගොවි විරෝධතාවය අදටත් අඛණ්ඩ ක්‍රියාත්මක කෙරෙනවා.

ඔවුන් පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නගරයට පිවිසීමට උත්සහ දැරීම හේතුවෙන් විශාල මාර්ග තදබදයක් ඇතිවූ අතර මේ වන විටත් ගොවින් විසින් විවිධ අධිවේගී මාර්ග වසා දමමින් සිය විරෝධතාවය අඛණ්ඩව සිදුකරගෙන යනවා.

ඉන්දියාවේ සිට නාලක නාරම්මල සිය මුහුණු පොත හරහා මුදාහල වීඩියෝවක් පහතින් දැක්වේ.

https://www.facebook.com/100001867162679/videos/5028762073862648/

May be an image of 7 people, beard, people standing and people sitting

May be an image of 10 people, people standing and road

May be an image of 6 people, people standing and outdoors