හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන් රියැදුරන් හඳුනා ගැනීමට විශේෂ උපකරණයක්

February 9, 2021 at 12:28 AM

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.අදාළ උපකරණය මගින් රියදුරාගේ ඛේටය භාවිත කරමින් මෙම පරීක්ෂාව සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිත කර මගීන් ප්‍රවාහන බස් ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවයි.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෑම පාසලකම ගුරුවරුන් තිදෙනෙකු මේ වනවිටත් පුහුණුකරන බවත් එමගින් පාසල තුලට මත්ද්‍රව්‍ය පැමිණෙන අයුරු හඳුනාගැනීම සඳහා හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්.