සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත (VIDEO)

February 9, 2021 at 7:47 AM

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ හෙවත් ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාඛය කපා ඉවත් කිරීමට උත්සහ දැරීමේ පුවතක් පසුගියදා වාර්තා වුවා. අධ්වේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශයේ පිහිටා ඇති එම ශාඛය පිහිටි බිම් ප්‍රදේශයේ “කෲඩියා සිලනිකා“ ශාඛයට අමතරව වඳවී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ 05ක් සහ ආරක්‍ෂිත ලැයිස්තුවේ ඇති ශාඛ වර්ග 05ක් ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම ශාඛයට අමතරව තවත් වඳ වී යාමේ තර්ජනයට ඇති ශාඛයක් ඇති බවට සොයා ගෙන ඇති බවද ඇය කියා සිටියා.

කෙසේ වුවත් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ එම ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක ආරක්ෂිතව සිටුවීමට අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවයි. කෙසේ වුවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එම “කෲඩියා සිලනිකා“ ශාඛය එම ස්ථානයෙන් ඉවත් කිරීම නතර කරන ලෙසට සිය අමාත්‍යාංශය විසින් මහ මාර්ග අමාත්‍යාංශය වෙත දැනුම් දී සිටිය බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ලෝකයේ වඳවී ගොස් ඇති ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අවසරය ලබාදී තිබුනත් එය ඉවත් කිරීමෙන් පසු මියගියහොත් එහි වගකීම දැරිය යුත්තේ කව්ද යන්න විමසා සිටියා.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ රතු දත්ත පොතට ඇතුලත් කර ඇති මෙවැනි ශාඛයක් විනාශ කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක් බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සංවර්ධනය ප්‍රථිපලය නම් පරිසර විනාශය බව කියා සිටියා. එය අතිතයේ සිට සිදුවූවක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පරාක්‍රමබාහු රජ සමයේ දී වෙල් කුඹුරු සාදන ලැබුවේ වනය කපා බවයි කියා සිටියේ.

VIDEO:

https://fb.watch/3xGqSf9KKh/