‘මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වීම වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕන” – අමාත්‍ය විමල් වීරවංශ (VIDEO)

February 9, 2021 at 12:09 PM

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

මිගමුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය සති අන්තයේ තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින්ය.

” 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහි ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් ඇරඹුණු “මහින්ද සුළගේ” පුරෝගාමීන් වූ කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි.

VIDEO: