අපේ පක්ෂයේ නායකත්වය ගැන කතා කරන්න කලින් පවුලේ නායකත්වය බලා ගන්න : විමල් විරවංශට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් කියයි (VIDEO)

February 9, 2021 at 10:07 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කතා කිරීම පසෙකලා තම පවුලේ නායකත්වය රැක ගැනීම සඳහා කටයුතු කරන ලෙස තමන් විමල් විරවංශ අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැදිලා තියෙන්නේ ගමේ ජනතාවගෙන්. අපි බොහොම කැමැත්තෙන් විමල් විරවංශ ඇමතිතුමාට කියන්න කැමැති අපේ පක්ෂයේ වැඩ බලා ගන්නම්. ඔයා ඔයාගේ පක්ෂයේ වැඩ බලාගන්න.

ඔයාට ඔයාගේ පවුලටවත් නායකත්වය දෙන්න බැරි උන තැන අපේ පක්ෂයේ නායකත්වය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි විමල් විරවංශ ඇමතිතුමාට කියන්නේ ඔබතුමා වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න කියලා. එහෙම උනොත් ඇඟට ගුණයි කියලා. අපේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා මහන්සිවුනු පාක්ෂිකයෝ තෝරයි පක්ෂයේ නායකයා කව්ද කියලා, නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා,

” පක්ෂය හදන්න එපා කියලා ලොකුවට කෑ ගහපු විමල් විරවංශ දැන් බොරුවට කිඹුල් කඳුළු හෙලලා බොරුවට පක්ෂය තුල ප්‍රශ්න හදන්නේ නැතුව සිටින්න කියලා. අපේ පක්ෂයේ වැඩ අපි බලා ගන්නම්, ඔබතුමා ඔබතුමාගේ පක්ෂය වගේම ගෙදර ගැන බලා ගන්න.

ආණ්ඩු පක්ෂයක් නියෝජනය කරන විට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන විට එහිදී ගන්නා සාමුහික තීරණ වලට එකඟ වෙලා වැඩ කරන්න අවශ්‍යයි. එහෙම කරන්න බැරිනම් පුළුවන් අයින් වෙලා ගිහිල්ලා විපක්ෂයේ පක්ෂයක් හෝ සන්ධානයක් හදා ගෙන ඉන්න ඒකට නායකත්වය දෙන්න කියලා.

එහෙම නැතුව ආණ්ඩුවට විරුද්ධව ඇතුලේ ඉදන් වැඩ කරන්නේ නැතුව එලියට ගිහින් ඒක කරන්න කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම එක හඬින් කියනවා විමල් විරවංශ ඇමතිවරයා මේ කරන දේ වැරදියි, ඒක නිසා අපේ පක්ෂය තුල හඬක් දෙන්න එපා, ආණ්ඩුව තුල ඉදන් සුළු පක්ෂ අතර ගැටුම් ඇති කරන්න එපා, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ගැටුම් ඇතිකරවන්න කටයුතු කරන්න එපා කියලා. ඒ නිසා විමල් විරවංශ ඇමතිවරයාට ආණ්ඩුවෙන් එලියට යන්න කියලා” රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියා සිටියා.

VIDEO :

https://fb.watch/3ysVOEl3m0/