ගුරුවරුන්ට එන්නත්කරණය ඇරඹෙන දවස!

February 8, 2021 at 3:33 PM

මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වාදෙන්නේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඒ ජී.එල් පීරිස් මහතා එම අදහස් පළ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ විශාල  පිරිසක් සමග දෛනිකව ගැටෙන  ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගත  බැවින්  ලලිත් වීරතුංග මැතිතුමා සමග ඒ පිලිබඳව සාකච්ඡාවක් කළබවයි.

ඒ අනුව  පෙබරවාරි මාසයේ අවසානයේ හෝ මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින් ලබා දීමේ හැකියාව ගැන අවධානය යොමු වූ බවත් ඔහු කී ය.

” නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරනවා කියලා. නමුත් එය හොඳ අදහස් නිසා මාර්තු මාසයේ කරන්න උත්සහ දරමු යි යන්න පැවසුවා.“