රවී ඇතුළු 06 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ

February 8, 2021 at 4:41 PM

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි.

රවි කරුණානායකට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත.

2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාධිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනුකර තිබුණා.