වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1000ක් දක්වා වැඩි කෙරේ

February 8, 2021 at 8:32 PM

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමට සහ රුපියල් 100ක දෛනික දීමනාවක් ද ලබාදීමට වැටුප් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

මේ අතර වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරමින් සතියක් තුළ ගැසට් නිවේදනය නිකුත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ. ඒ පඩිපාලක මණ්ඩලය කම්කරු දෙපාර්තුමේන්තුවේදී අද රැස්වූ අවස්ථාවේ එළඹි තීරණයෙන් අනතුරුවයි.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.