විමල් ලඟ විදෙස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් : පොහොට්ටුවේ පරිපාලන ලේකම් ගෙන් ඇමති විමල් ගැන හෙළිදරව්වක් (VIDEO)

February 8, 2021 at 6:07 PM

විදෙස් ඔත්තු සේවා මගින් වැටුප් ලබන පුද්ගලයින් දෙදෙනෙකු අමාත්‍ය විමල් විරවංශ සමග සිටින බවත් ඉදිරියේදී අවශ්‍ය නම් ඔවුන්ගේ නම් හෙළි කිරිමට හැකිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක හේරත් ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම විදෙස් ඔත්තු සේවා මගින් වැටුප් ලබන පුද්ගලයින් දෙදෙනා වෛද්‍යවරුන් බවත් පසුගියදා අමාත්‍ය විමල් විරවංශ ගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ජාවේදී ඔවුන් දෙදෙනා සිටිය බවට පැහැදිලිව දක්නට ලැබුණු බවයි.

2015 වසරේ ජනාධිපතිවරණයට පෙරද මහින්ද රාජපක්ෂ මහතා ගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් ඔහු ආර්ථික ඝාතකයින් ගැන කතා කළ බවත් ඒ හරහා ආණ්ඩුව තුල විවිධ කල්ලි ඇති කිරීම නිසා ඇතිවූ ප්‍රතිවිපාකය ජනතාවට භුක්තිවිදීමට සිදුවූ බවද කියා සිටියා.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය වහාම රට හමුවේ ඔහු නිවැරදි කළ යුතු බව පැවසූ එම පක්ෂයේ පරිපාලන ලේකම්වරයා දේශපාලඥයෙක් වශයෙන් ඔහු නියෝජනය කරන කඩුවෙල ආසනය තුල ජනප්‍රියතාවය පහත බසිමින් ඇති බවද කියා සිටියා.