බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 508ක්

February 8, 2021 at 9:12 AM

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 772 දෙනා ගෙන් 508 දෙනෙකුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 245ක් වනවා. කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්, බොරැල්ල 22ක්, මට්ටක්කුලිය 16ක්, ගොතටුව 12ක්, නවගමුව 13ක්, වැල්ලම්පිටිය 17ක්, කහතුඩුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනා බැගින්ද ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ 51ක්, නිට්ටඹුව 27ක්,කඩවත 26ක්, මීගහවත්ත 18ක්, දොම්පේ 14ක්, ජා-ඇල 14ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රිකක්යෙන් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 11 දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන් ද හොරණ ප්‍රදේශයෙන් 06 දෙනෙකු ද වාර්තා වී ඇත.

මිට අමතරව ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්,කුරුණෑගල 41ක්, ගාල්ල 18ක්, රත්නපුර 53ක්, අම්පාර 16ක්, කෑගල්ල 06ක්, මාතර 13ක්, පුත්තලම 10ක්, මාතලේ 10ක්, නුවරඑළිය 02ක්, බදුල්ල 09ක්, මඩකලපුව 01ක්, අනුරාධපුර 11ක්, පොළොන්නරුව 02ක්, හම්බන්තොට 09ක්, වව්නියාව 08ක්, මන්නාරම 11ක්, මොණරාගල 01, මුලතිව් 02ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත.

ඊයේ දිනයේ දී PCR පරීක්ෂණ 15,746ක් සිදුකර ඇත.