කොළඹ ආසාදිතයින් ව්‍යාප්තිය අඩු වෙයි? බදුල්ලේ සහ කුරුණෑගල ආසාදිතයින් වැඩිවෙයි

February 7, 2021 at 7:45 AM

ගතවූ පැය 24තුළ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන අද 8 පෙරවරුව වන විට දැක්වුණේ 726ක් ලෙසයි.

ඉන් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වූවද කොළඹ නගරය ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාපතියේ අඩු වීමක් පෙන්නුම් කිරීම කැපී පෙනේ.

මට්ටක්කුලිය හැර නගරසභා සීමාවේ සෙසු ප්‍රදේශ  වලින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ දහයට අඩු සංඛ්‍යාව ක් බැගිනි.

බදුල්ලෙන් 197 දෙනෙකු දක්වා ආසාදිතයින් ඉහළගොස් ඇත්තේ මහියංගණය ප්‍රදෙර්ශයේ ඇඟලුම් කම්හල් දෙකක් ආශ්‍රිතව කොවිඩ්19 ව්‍යාප්ත වීමත් සමගිනි.

මීට අමතරව කොළඹ 116,ගම්පහ 101,කුරුණෑගල 88,මහනුවර  63ක් ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන අතර සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන්නේ දිස්ත්‍රික්කයකට ආසාදිතයින් දහයට වඩාඅඩු සංඛ්‍යාවක් බැගිනි.