අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ අනුහත් දහසක් පසුගිය වසරේදී රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කරලා

February 7, 2021 at 10:25 AM

රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා 2020 වසරේදී ඉදිරිපත් වූ පුද්ගලයින් අතරින් 97,138ක්ම වයස අවුරුදු 17 සහ 18 අතර වයස් කාණ්ඩයේ පසුවන අය බව ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය සවේන්ද්‍ර ගමගේ පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා.

එමෙන්ම පසුගිය වසරේ දී අට ලක්ෂ තිස් පන්දහස් නවසිය විසි හතර දෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත්ව ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව වයස අවුරුදු 17 සම්පූර්ණ කර සිටි තාවකාලික පුහුණු රියදුරු බලපත්‍රය වෙනුවෙන් (එල් පර්මිට්) 54,430කුත්, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ 42,708කුත් මෙලෙස ඉදිරිපත්ව ඇතැයිද ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන වාර්තා මගින් අනාවරණය වන්නේ.

එමෙන්ම 2019 වසර තුළ වයස රියදුරු බලපත්‍ර වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වූවන් ගණන දසලක්ෂ හතලිස් තුන්දහස් හත්සිය පහක බවද එම වාර්තාවල සඳහන්ව ඇත. එහි දී අවුරුදු 17 සම්පූර්ණ කළ 51,887 කුත්, 18 සම්පූර්ණ කළ 46,808කුත් වශයෙන් 98,695 දෙනකු සිටියි. බලපත්‍ර ගැනීම සඳහා ඉදිරිපත් වූ අයගෙන් හෘදයාබාද වැනි රෝග නිසා පරීක්ෂණයෙන් අසමත් වූ ගණන සුළු ගණනක් යැයිද වෛද්‍යවරයා පැවසුවේ.

විවිධ රෝග නිසා පරීක්ෂණය අසමත් වූවන්ගේ ගණන පෙර වසර දෙක හා සසඳන විට ඉතා අඩු ප්‍රතිශතයක් ගත් බවද වෛද්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව 2020 වසරේදී වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත්ව ඇත්තේ 26,792ක් පමණි.