ප්‍රවීන රංගන ශිල්පිණි මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

February 6, 2021 at 11:51 AM

මෙරට ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 81ක් හැවිරිදි වියේ පසුවූවා.

දිග කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි එතුමිය වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.