කොළඹින් ආසාදිතයින් 158ක් : බදුල්ලෙන් ආසාදිතයින් 105ක්

February 6, 2021 at 9:29 AM

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ ආසාදිතයින් 158ක් ලෙසයි. නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 16ක්, කොම්පඤ්ඤ විදියෙන් 14ක්, පිළියන්දල සහ බොරැල්ල ප්‍රදේශ වලින් ආසාදිතයින් 11 බැගින්, මහරගම 12ක් සහ දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 105 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත. මිට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ද ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

ඊයේ දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.