අනිසි හරවා යැවීම් හේතුවෙන් .lk වෙබ් අඩවිවලට පිවිසීමේ ගැටළු මතුවෙයි

February 6, 2021 at 10:50 AM

මේ අතර .lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අයවලුන්ට 0114216061 යන දුරකථන අංකයට හෝ NLC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීමට හැකි බවයි දන්වා සිටින්නේ.

මේ අතර අද උදෑසන සිට GOOGLE.LK වෙබ් අඩවියට පිවිසීමේ ගැටලුවක් ඇතිවූවා. එම වෙබ් අඩවියට පිවිසීමේදී එය වෙනත් වෙබ් අඩවියකට යලි හරවා යැවීමක් සිදුවූ අතර එහි දක්වා ඇත්තේ මෙරට වතුකම්කරුවන් මුහුණ දී සිටින වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වන පණිවිඩයක්.