කොවිඩ් ආසාදිතයින් 735ක් සහ මරණ 04ක් මෙරටින් වාර්තා වේ

February 5, 2021 at 11:25 PM

අද දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 735 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් 729 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්තවීම ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වන අතර සෙසු ආසාදිතයින් 06 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.