කොළඹින් 277ක් සහ මහනුවරින් ආසාදිතයින් 101ක්

February 5, 2021 at 10:15 AM

ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 706 දෙනා ගෙන් 277 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි පිරිසක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 28ක් ලෙසයි. ඊට අමතරව මොරටුව ප්‍රදේශයෙන් 24ක්, මට්ටක්කුලිය 14ක්, ග්‍රෑන්ඩ්පාස් 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 101ක් දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 92ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 53ක්, කුරුණෑගල 44ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 21ක්, මන්නාරම 06, නුවරඑළිය 10ක්, හම්බන්තොට 05ක්, පොළොන්නරුව 03, මාතලේ 09, පුත්තලම 13, මඩකලපුව 02, කෑගල්ල 04, රත්නපුර 10, අනුරාධපුර 10, මොණරාගල 04, ත්‍රිකුණාමලය 01ක් සහ වව්නියාවේ ආසාදිතයින් 02ක් ලෙස වාර්තා වී ඇත.

මිට අමතරව් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.