ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යයි

February 5, 2021 at 9:49 AM

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුකෙරුනා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය දිනවලදී කණ්ඩායම් තුනක් වශයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් කරන අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුවයි ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූයේ.

මේ අතර පසුගියදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති
ශම්මි සිල්වා සඳහන් කර සිටිනවා.