වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු සිදුකෙරේ (VIDEO)

February 5, 2021 at 11:53 AM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අප්‍රාවප්‍රාප්ත වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී.

මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන්නේ ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.

කොවිඩ් ආසාදනයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණා.