වතු කම්කරුවන් වර්ජනයක

February 5, 2021 at 9:35 AM

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති බවය.

ඒ අනුව කිසිඳු වතුකම්කරුවෙක් අද දිනයේ මේ වනතෙක් සේවයට වාර්තාකර නොතිබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වතු පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කරඇති අතර කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර ඇති බව වාර්තා වේ.