රංජන් රාමනායකගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්ට දුන් අධිකරණ නියෝගය

February 5, 2021 at 11:45 AM

රංජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා.

ඒ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලා රංජන් රාමනායක විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේදී කැඳවූ අවස්ථාවේදී.

අභියාචානාධිකරණ සභාපති විනිසුරු විනිසුරු අර්ජුන් ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවෙයි.

මෙම පෙත්සම මෙම මස 11 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.