වික්ටර් රත්නායකට කටහඬ දුන් බව පවසන දේවගැතිවරයා සමග කිංස්ලි සාකච්ඡාවක (VIDEO)

February 4, 2021 at 10:56 PM

ශ්‍රී ලංකාව තුල බෝරන් අගේන් නමින් ආගමික සංවිධානයක් සම්බන්ධයෙන් මේ වන විට රට තුල විවිධ ප්‍රචාරයන් සිදුවෙමින් තිබෙනවා. ඒ මෙම ආගමික නිකාය රටේ කළාකරුවන් බිලි බාගන්නා බවට සමාජ මාධ්‍ය තුල මෙන්ම නිදහස් මාධ්‍ය තුල දැඩි කතිකාවතක් එල්ල වෙමින් පවතින පසුබිමකයි.

මේ රටේ ප්‍රවීන ගායන ශිල්පියෙකු වන වික්ටර් රත්නායක ගේ කට හඬ නැවත ලබාදීමට ඔහුට ආගමික පුජාවකදී ආශිර්වාද කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමග එම තත්ත්වය වඩාත් ත්‍රිව උනා.

වික්ටර් රත්නායක ගේ හඬ යලි ලබාදීම සඳහා ඔහුට ආශිර්වාද කළ උපතින් බෞද්ධ ආගමිකයෙකු වන දේවගැති ඩබ්ලිව්.ඒ.ඩි. කිංස්ලි සමග මාධ්‍යවේදී කිංස්ලි රත්නායක සම්මුඛ සාකච්ජාවකට එක්වූවා.

එහිදී දේවගැති ඩබ්ලිව්.ඒ.ඩි. කිංස්ලි කියා සිටියේ බෝරන් අගේන් කල්ලිය යනුවෙන් මෙරට කිසිදු ආගමික නිකායෙක් නොමැති බවයි. මේ ඒ සම්බන්ධයෙන් සිදුකළ සම්මුඛ සාකච්ජාවයි.