බසයේදී කෑ රෝල්ස් නිසා කතුන් දෙදෙනෙකු දෙදිනක් මත් වෙයි.

February 3, 2021 at 8:54 AM

අනුරාධපුරයේ සිට කොළඹ බලා මීට දින දෙකකට පෙර පැමිනෙමින් තිබූ බස් රියක සිටි කාන්තාවන් දෙදෙනෙකු සමග ඒ අසල සිටි තරුණයෙකු හිතවත් වී තමා අත තිබූ චයිනීස් රෝල්ස් දෙකක් ආහාරයට දී ඇත.

එම ආහාර ගැනීමෙන් පසු අදාළ කාන්තාවන් සිහිමඳ තත්ත්වය ට පත් ව ඇති අතර තරුණයා ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක පමණ වටිනා ආභරණ සහ මුදල් රැගෙන  බසයෙන් බැස හො ඇත.

අදාල කාන්තාවන් සාලියපුර පොලීසිය මගින් රෝහල් ගතකර ඇති අතර ඔවුන් ගෙන් තොරතුරු ලබාගැනීමට දින දෙකක් ගත වන තුරු නොහැකිවී ඇත්තේ  ඔවුන් දෙදෙනා එතරම්ම සිහිමඳ තත්ත්වයෙන් පසු වූ බැවිනි.