ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කිලෝමීටර් 02ක් මිනිතුතු 08කින් දිවීමේ අභියෝගය අනිද්දා

February 3, 2021 at 12:14 PM

එළඹෙන බටහිර ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීම් සඳහා සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අනිද්දා දිනයේ දී ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය සඳහා වන ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් සමන්විත සංචිතයයේ සිටින සියලුම ක්‍රීඩකයින් හට අද දිනයේදී මිනිත්තු අටයි සහ තත්පර35කින් කිලෝමීටර් දෙකක දුරක් දිවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමට පත්කර ඇති නව පුහුණුකරුවෙකු වන ග්‍රාන්ට් ලුඩන් විසින් නිර්දේශ කරන ලද මෙම පරීක්ෂණය ක්‍රිකට් කණ්ඩායම තුළ බොහෝ දෙනා බිය වී ඇති අතර හිටපු නායකයන් කිහිප දෙනෙකු ඇතුළු සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එම යෝග්‍යතා මට්ටමට වඩා පහත් මට්ටමක සිටින බව ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා ප්‍රමිතීන් පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයකු විසින් The Island පුවත්පත වෙත පවසා තිබේ.

ඉහත සඳහන් කළ පරිදි ශරීර යෝග්‍යතාව අනුව කටයුතු කළහොත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉවත් කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වල ශරීර යෝග්‍යතා පිළිබඳව පසුගිය කාල සමය පුරාවට දැඩි විවේචන එල්ල වූ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරය අතරවාරයේදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අබාධ වලට ලක්වීම ද කැපී පෙනෙන සිදුවීමක් වුවා.