මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර කැමැත්ත

February 3, 2021 at 8:58 PM

පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්වුණා.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත අනුව පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කර තිබු පහත සඳහන් නාමයෝජනාවන් සඳහා පාර්ලිමේන්තු සභාවේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය පලකරනු ලැබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජිකයින් පහත දැක්වේ

1) ජනක රත්නායක මහතා (සභාපති)
2) චතුරිකා විජේසිංහ මහත්මිය (සාමාජික)
3) මොහාන් සමරනායක මහතා (සාමාජික)
4) උදේනි වික්‍රමසිංහ මහතා (සාමාජික)
5) මහාචාර්ය ජනක ඒකනායක මහතා (සාමාජික)